සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති ඔස්මන් ගුණසේකර නමැති පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
සෝදිසි වරෙන්තුවක් මත ගම්පහ ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස ඊයේ(28) විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂාවට ලක් කළ බව පොලිස් මූලස්ථානය පැවසුවේය.
එහි තිබී මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 46ක් , ගිනි අවි තාක්ෂණය ඇතුළත් මුද්‍රිත පොතක් සමඟ 52 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාවගේ සැමියා වන ඔස්මන් ගුණසේකර නමැත්තා මේ වන විට විදෙස් ගතව සිටින බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.



