Home දේශීය පුවත් ලංකාවේ ඉන්න චීන ජාතිකයන්ට ආරක්ෂාව දෙන්න

ලංකාවේ ඉන්න චීන ජාතිකයන්ට ආරක්ෂාව දෙන්න

0
ලංකාවේ ඉන්න චීන ජාතිකයන්ට ආරක්ෂාව දෙන්න

චීන – ශ්‍රී ලංකා ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව යටතේ පවතින ව්‍යාපෘති, චීන තානාපති කාර්යාලය, එරට ආයතන, ව්‍යවසායන් සහ චීන ජාතිකයන් වෙත ලබාදෙන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරන ලෙස චීන රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය චීන රජය විසින් දැනුවත් කරමින් මෙම නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

එහිදී, ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් දියත් කරමින් මෙරට ආර්ථික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන චීනය, ශ්‍රී ලංකාවට අතිශය වැදගත් සහ ඉතා කුළුපග සහකරුවෙකු ලෙස හඳුන්වා ඇති විදේශ කටයුතු අමාත්‍යාංශය, මෙරට සිටින චීන ජාතිකයන්ගේ සහ ඔවුන්ගේ ආයතනවල ආරක්ෂාව තරකිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තු කඩිනමින් දැනුවක් කරන බව දන්වා තිබේ.

එමෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන් සහ යුද හමුදාවද චීනය කේන්ද්‍ර කරගනිමින් සිදුවන ව්‍යාපෘතිවල ආරක්ෂාව තරකිරීමේ සුවිශේෂී වැදගත්කම ඉස්මතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here