මෙරට රැදී සිටින සෞදි අරාබියානු ජාතිකයින්ට මෙරටින් පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලය දැනුම් දීමක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ රැදී සිටින සෞදි අරාබියානු ජාතිකයින් වෙත මෙම දැනුම්දීම සිදුකරන බවයි සෞදි අරාබියානු තානාපති කාර්යාල ට්විටර් ගිණුමේ දැක්වෙයි.
මේ අතර පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් රටවල් රැසක් මේ වන විට සිය වැසියන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඉන්දියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ඒ අතරට අයත්ය.