කෙනත් නිසා පුද්ගලයන් 41ක් මරුට

Share

මොසැම්බික් රාජ්‍යයට මහත් විනාශයක් අත්කරදෙමින් හමා ගිය කෙනත් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 41 දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට රජය නිවේදනය කරයි.

කෙසේ නමුත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.

කෙනත් සුළි කුණාටුව සති කිහිපයක් තුළ මොසැම්බික් රාජ්‍යයට බලපෑම් එල්ල කළ දෙවන ප්‍රබල සුළි කුණාටුවයි.

පැයට කිලෝමීටර් 280ක පමණ වේගයකින් රට තුළට ඇතුල් වූ එය නිවාස ඇතුළු දේපළ රැසකට හානි කරමින් රට පුරා හමා ගියේය.

සුළි කුණාටුවෙන් මොසැම්බික් රාජ්‍යයට අයත් ඉබෝ දිවයිනටද දැඩි බලපෑම් එල්ල වී ඇත.

අයහපත් කාලගුණයෙන් විපතට පත්ව සිටින පුද්ගලයන්ට සහන සේවා සැපයීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුමක් එරට බලධාරීන් මේ වන විට ආරම්භ කර ඇත.

මේ අතර විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ආධාර තොගයක් රැගත් ගුවන් යානයක්ද එරටට ළඟාවී ඇති බව සඳහන්ය.

Read more

Local News