අනන්‍යතාවය තහවුරු නොවු පාකිස්ථානුවන් 2ක් අත්අඩංගුවට

Share

යුද හමුදාව සහ පොලිසිය එක්ව ගල්කිස්ස හෝටල් පාර ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

ඊයේ(01) සවස සිදු කළ මෙම සෝදිසියේ දී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වු පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සමඟ තවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ දිනවල විදෙස් රටවලින් පැමිණ ලංකාවේ සිටින විදේශිකයින් පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබේ.

එවන් අවස්ථාවක අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වු මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

Read more

Local News