ප්‍රහාරයට හේතුව හලීම් කියයි

ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව තොරතුරු ලැබී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම පාස්කු ඉරිදා ඇතිවූ අවාසනාවන්ත සිදුවීමට හේතුවී ඇති බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදී ගැටලු ඇතිවී ඇත්තේ මෑත කාලීනව බවත් ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් නැමැත්තා පිළිබඳ තම දෙපාර්තමේන්තුවට කිසිවෙකුත් පැමිණිලි කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version