ඇන්ජලා මර්කල් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හඬ නගයි

Share

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් අදහස් පල කර ඇත.

බුර්කිනා ෆාසෝහි පැවති සමුළුවකට එක්වෙමින් ඇය එම අදහස් පළකර තිබුණි.

G5 සහෙල් යනු මාලි, නයිජර්, බර්කිනා පාසෝ, චෑඩ් සහ මුරුතානියා යන රටවල්වල සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් කලාපීය බලකායකි.

එම රටවල්වල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික සමුළුවකට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහභාගී වුණි.

එහිදී ඇය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිය හඬ අවදි කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

බර්කිනා ෆාසෝ රාජ්‍යය පිහිටා තිබෙන සහෙල් කලාපය තුළ 2012 සිට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකාරීව සිටියි.

එම ජිහාඩ්වාදීන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා අප්‍රිකානු රාජ්‍ය විසින් G5 සහෙල් බහුජාතික හමුදා බලකාය පිහිටුවනු ලැබ ඇත.

කෙසේ වෙතත් සහෙල් කලාපය තුළ ප්‍රචණ්ඩත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව විචාරකයින් පෙන්වා දෙනු ලබයි.

මේ අතර පසුගිය වසරේ පැවති බ්‍රසල්ස් සමුළුවේදී G5 සහෙල් බලකායට ඩොලර් මිලියන ගණනාවක මුදල් ප්‍රතිපාදන ලබාදීමට එකඟත්වය පළවී ඇත.

කෙසේ වෙතත් එම ප්‍රතිපාදන නිසි ලෙස නොලැබී යාම හේතුවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් වලදී  සිය හමුදා අභියෝග රැසකට මුහුණ පා ඇති බව බර්කිනා ෆාසෝ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News