එක්සත් රාජධානියේ රජකම හිමි 7වැන්නා මෙලොව එළිය දකියි

බ්‍රිතාන්‍ය රාජකීය පවුලට අයත් සසේක්ස් ආදිපාදවරිය වන මේගන් මාකල් කුමරිය බිලිඳු පුතෙකු බිහි කළ බව සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු නිවේදනය කර තිබේ.

මේගන් මාකල් කුමරිය සහ පුත් කුමරු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි හැරි කුමරු නිවේදනය කර ඇත්තේ.

කෙසේවෙතත් රාජකීය පවුලට එක්වන අලුත්ම කුමරු හට මෙතෙක් නම් තැබීම සිදුකර නොමැත.

එක්සත් රාජධානියේ රජකමට හිමිකම් කිව හැකි කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත්වැනි ස්ථානය අලුත උපන් කුමරුට හිමිව තිබේ.

Exit mobile version