මද්‍රසා පාසල් නියාමනය ගැන කමිටු වාර්තාව අගමැති අතට

මද්‍රසා පාසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇත.

එම වාර්තාවට අනුව ඉදිරියේ දී සියලු මද්‍රසා පාසල් නියාමනයට සහ පොදු නීතිරීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක වීමට නියමිතයි.

නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්ෂණ ලබාගැනීමෙන් අනතුරුව වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Exit mobile version