NTJට සම්බන්ධ විනිසුරුවරු සිටී නම් පරීක්ෂණයක් කරන්න

Share

තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද(07) අධිකරණ සේවා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

එම ඉල්ලීම ඇතුලත් ලිපියක් ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අද අධිකරණ සේවා කොමිසම වෙත භාර දුන් බව වාර්තා වෙයි.

එම ලිපිය මඟින් සඳහන් කර තිබෙන්නේ ඉකුත්දා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි මහතා ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධව විනිසුරුවරු සිටින බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළ බවයි.

එවැනි විනිසුරුවරුන් සිටී නම් එය බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙන එම සංවිධානය වැනි විනිසුරුවරුන් අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අධිකරණ සේවා කොමිසම වෙත යොමුකර ඇති ලිපියෙන් ඉල්ලා තිබේ.

Read more

Local News