Home දේශීය පුවත් මහනුවරට ත්‍රෛභාෂා මිශ්‍ර නව ජාතික පාසලක්

මහනුවරට ත්‍රෛභාෂා මිශ්‍ර නව ජාතික පාසලක්

0
මහනුවරට ත්‍රෛභාෂා මිශ්‍ර නව ජාතික පාසලක්

මහනුවර නගරය හා ඊට ආසන්න උපනගර ජනාකීර්ණත්වයට පත්වීමත් සමඟ මහනුවර අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා තරගකාරීත්වය ඉහළ ගොස් තිබේ.

මේ හේතුව නිසා මහනුවර නගරය ආසන්නයේ මිශ්‍ර පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

එබැවින් රුපියල් මිලියන 1141 ක ආයෝජනයක් යටතේ පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි අක්කර 10ක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබේ.

මෙහි එක් ශ්‍රේණියක් සඳහා සමාන්තර පංති 6කින් සමන් විත මෙම පාසල ඇරඹීම සඳහා අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here