ලාහෝර් නුවර දේවස්ථානයක් ආසන්නයේ පිපිරිමකින් 8ක් මරුට

පාකිස්ථානයේ ලාහෝර් නුවර ඉස්ලාම් දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ පිපිරිමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් පොලිස් නිළධාරින් ඇතුළු තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු ආසියාවේ පැරණිතම ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම පිපිරිම සිදුව ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව සදහන්.

Exit mobile version