ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 1116ක් වලපනෙන්

සීදුව පොලිසිය සහ ගුවන් හමුදාව විසින් සීදුව මුතුවාඩිය ප්‍රදේශයේ මාර්ග බාධක යෝදා සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී වලපනේ සිට සීදුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1116 ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

එම ඇඳුම් තොගය සමඟ ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Exit mobile version