අත්අඩංගුවට පත් මුස්ලිම් කොංග්‍රස් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්

Share

අධිසංවේදී සන්නිවේදන උපකරණ සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ශාෆීර් රහීම් නමැත්තා එළඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ පළාත් සභා මන්ත්‍රීවරයා ඊයේ(08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.

ජංගම දුරකතන සබඳතා සහ වෙනත් ජාලගත සබඳතා අවහිර කළ හැකි අධිසංවේදී සන්නිවේදන උපකරණ 08ක් මීගමුවේ නිවසක තිබියදී පසුගිය 07 දා මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී හමු විය.

එහිදී වෝකිටෝකි මාර්ගයෙන් සිදුවන සන්නිවේදන සබඳතාවලට පවා බාධා එල්ල කළ හැකි මෙම උපකරණ සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ශාෆීර් රහීම් නමැත්තාවයි.

Read more

Local News