අන්තවාදි දේශන පැවැත්වු පූජකවරයෙක් අල්ලයි

Share

මුස්ලිම් අන්තවාදි දේශන ඇතුලත් කැසට් පට සමඟ හිටපු පූජකවරයෙක් රාජගිරිය නාවල පාර නිවසකදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

එම පූජකවරයා සමඟ මුස්ලිම් අන්තවාදි දේශන ඇතුළත් කැසට් පට 14ක් කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ ඡායාරූප හා ජංගම දුරකථනයක් පොලීසිය භාරයට ගෙන ඇත.

ශ්‍රි ජයවර්ධනපුර කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක දෙකෙහි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව හිටපු පූජකයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

නාවල ප්‍රදේශයේ පල්ලියක මීට මාස දෙකකට පමණ ඉහතදි සිටි මෙම පූජකවරයා එහි පැමිණෙන මුස්ලිම් ජාතිකයා අන්තවාදි දේශන පැවසිම හේතුවෙන් එයින් නෙරපු බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read more

Local News