නීතිය රටේ පොදු නීතියක් කරන්න සියලු ජාතීන්ගේ සහාය දෙන්න

Share

නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න නායකත්වය ගන්නා විට ඒ සඳහා සියලු ජාතීන්ගේ සහාය අවශ්‍ය වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කර සිටියි.

නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ(09) පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා විසින් එකම රටක් එකම නීතියක් යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාව පිළිබඳව පිළිතුරු කතාව සිදු කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

තවුහීද් ජමාත් මේ සංවිධාන හදන්න මුල පුරපු අය අද එම දේශපාලනය වෙනුවෙන් බලය පවත්වා ගෙන යන්න එකි නෙකා ඇණ කොටා ගන්න එකට තමාගේම එකම ජාතීන් බෙදලා වෙන් කරපු එක අපි වගකියන තත්වයකට පත් කරලා තියෙනවා.

මේවා කාලයක් තිස්සේ ගොඩ නැගිච්ච දේවල්. අපි වගකීමක් ඇති කියනවා අපේ රජය වෙනුවෙන් අපි මොනම හේතුවකටවත් කිසිම ජාතියක් බෙදලා වෙන් කරන්න සුදානම් නැහැ.

හැම මනුෂ්‍යයෙකුටම ජීවත් වීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙනවා. මේ වෙලාවේ අපි නීතිය සකස් කරන කොට ලොකු කතිකාවතක් ඇති කර ගන්න ඕන.

ඕනම ජාතියක කාන්තාවෝ වුණහම ආගම මොකක් වුණත් ජාතිය මොකක් වුණත් කාන්තාවන් හැටියට තමන්ගේ නිදහස සම්පුර්ණයෙන්ම නැති වෙලා තියෙනවා.

සමහර වෙලාවට මේ ඇඳුම නිසා සමහර තැන්වල යද්දි අපහසුතාවයට පත් වෙලා තියෙනවා .

සමහර අය මේ ඇදුම නිසා බොරු ප්‍රචාර කරන්න ආරක්ෂක අංශවලට අපේ රාජ්‍ය අංශයට නොයෙකුත් අසත්‍ය චෝදනා කරනවා. සෞඛ්‍ය පද්ධතියේත් මේක තියෙනවා.

මේ කාලය තුළ මේ ඇදුම නිසා කාන්තාවන් පරීක්ෂා කරන්න යන කොට ඒ අයට ඇති වෙන අපහසුතාවය සමාජය තුළ ගොඩ නැගෙන විරෝධය නැති කර ගන්න නම් ඒ ආගමික නායකයෝ එකම විදිහට එකට කටයුතු කරන්න ඕන.

ඒ වගේම අනිත් පැත්තෙන් බලපුහම රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වෙලා තියෙනවා. අපි මේවා අකමැත්තෙන් වුණත් කියන්න ඕන. සමහර අය තමන්ගේ ප්‍රයෝජනයට අවශ්‍යතාවයට ඇඳුම ඇද ගන්නවා. මේක තර්ජනයක් වෙලා තියෙනවා. මේවා නීතියෙන් කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි.

හැබැයි කථානායකතුමාගේ මුලිකත්වයෙන් රැස්වෙලා මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂවල එකමුතුවෙන් යම් කිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රජය හැටියට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

මම විශ්වාස කරන්නේ නීති හදන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් සමහර අය තමන්ගේ සංස්කෘතියට චාරිත්‍රයට වෙන හානිය ගැන වගකීමක් ඇතිව වැඩ කරනවා නම් තමන්ගේ සංස්කෘතිය චාරිත්‍රය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරනවා නම් වෙනම නීති අවශ්‍ය වෙන්නේ නැහැ.”

Read more

Local News