ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණැගල කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුද්ගලික බැංකුවක් තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 03ක් පොලීසිය බාරයට ගෙන ඇති අතර සැකකරු වැල්ලව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද(11) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුරුණැගල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version