ඇඳිරි නීතිය ඉවතට

Share

හලාවත නගරයට අද(13) අලුයම 4 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය හා කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශය ‍අද උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.

ඊයේ දහවල් 12.30ට පමණ හලාවත නගර‍යේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

ජාතීන් අතර අසමගිය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගෙන තිබේ.

පසුව මෙයට අදාළව එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, අද අළුයම 12.15 ට පමණ කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයන්ට ද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහාය.

මේ වන විට ඉහත පොලිස් බල ප්‍රදේශයන්ගේ තත්ත්වය යථා තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News