සිසුන්ගේ පැමිණිම ඉතා අවම මට්ටමක

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද (13) ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කෙරුණි.

එහෙත් මේ වන තෙක් එම ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණිමද යථාතත්වයට පත්ව නොමැත.

Exit mobile version