නාමල් CID භාරයට

වරකාපොළ පොලීසියේදී ඊයේ අත්අඩංගුවට ගත් දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර නමැත්තා ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

මේ අතර පොලීසිය ප්‍රකාශ කළේ, මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් නමැති පුද්ගලයින් ඊයේ පොලිස් අත්අඩංගුවට ගත් බව ය.

නොසන්සුන් හා කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනිණි.

Exit mobile version