වයඹට-ගම්පහට රෑ 7ට ඇඳිරි නීතිය

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද(15) පස්වරු 07.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(16) අළුයම 04.00 දක්වා පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ඒ අනුව ගම්පහ පොලිස් කොට්ඨාශයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

Exit mobile version