හදිසි විදුලි මිලදී ගැනීමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Share

විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට විදුලි අර්බුදය විසඳීම සඳහා පත්කළ අමාත්‍ය කමිටුව නිර්දේශ කර ඇත.

ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට එම කමිටුව නිර්දේශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

ඒ අනුව කෙරවලපිටියේ ස්ථාපිත බත්තල මත ඉදි කරන ලද මෙගාවොට් 200ක බලාගාරය මඟින් ලබන ජුනි මාසයේ සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26යි ශත 20 බැගින් මිලදී ගැනීමට නියමිතය.

ගාල්ලේ ස්ථාපිත බත්තල මත ඉදිකරන ලද මෙගාවොට් 200 ක බලාගාරය මගින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉදිරි මාස 9 ක කාල සීමාවක් සදහා විදුලි ඒකකයක් රුපියල් 26 යි ශත 20 බැගින් මිලදී ගැනීමට ද අදාල අමාත්‍ය කමිටුව නිර්දේශ කර තිබෙයි.

Read more

Local News