නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ 06ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් විසින් ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ලොරි රථ 04ක් සහ වැලි කියුබ් 06 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, ලොරි රථ සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතූර් පොලීසිය වෙත බාර දීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී වැලි ගොඩදැමීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැළැක්වීම සඳහා නීති විරෝධී ලෙස ගොඩදැමූ වැලි ප්‍රවාහන කරනු ලබන වැලි ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසුකර ගැනීමට නාවික හමුදාව නිරන්තර වැටලීම් සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර, එමඟින් පරිසරය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තියට දායක වීම නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

Exit mobile version