වැල්ලවායේ ත්‍රීරෝද රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

වැල්ලවාය, කුඩා ඔය එයාපෝට් මංසන්ධිය අසළදී අද(24) පස්වරුවේ සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ත්‍රිරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට අනාවරණය වී ඇත.

අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තණමල්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Exit mobile version