දේශපාලන ජීවිතයට හෝ වෘත්තීය ජීවිතයට හානි වීමට ඉඩ දිය නොහැකි – අජිත් පී. පෙරේරා

තමන්ගේ දේශපාලන ජීවිතයට හෝ වෘත්තීය ජීවිතයට හානි වීමට ඉඩ දිය නොහැකි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මෙසේ සඳහන් කළේ, හොරකම් කළ බවට චෝදනාවට ලක් වූ පුද්ගලයා දුරකතනයෙන් කතා කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමිනි.

මේ චෝදනාව සම්බන්ධයෙන් තමන් විශ්මයට පත් වූ බවත් තමන් ආත්ම ගරුත්වයක් සහිතව දේශපාලන හා වෘත්තීය ජීවිතයෙන් නියැළුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ ය.

මට ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙසයි මට ලේඛනය සාක්ෂි ලෙස අරගෙන තියෙන්නෙ. මගේ ගෞරවය පිළිබඳ අභියෝගය වී තිබෙනවා. මගේ අවංකකම කියන්න අවස්ථාවක් නැති ද? මට හොරු ආරක්ෂා කරන්න අවශ්‍ය නෑ. කොමිෂමෙන් මා හරස් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. මම ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා. කතානායකතුමාට බාරයි මගේ ගෞරවය. ඔබතුමා මැදිහත් වී කොමිෂමේ හරස් ප්‍රශ්න අහන්න මට ඉඩ දෙන්න යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Exit mobile version