බස්නාහිර පළාත් සභා මැතිවරණ පවත්වන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

කල් දමා තිබෙන බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිරිසේන දොලවත්ත මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් තුන් දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් මස 21 වනදා අවසන් වී තිබුණ ද මේ දක්වා මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කර නොමැති බවයි.

මේ හේතුවෙන් අදාළ පළාත් සභාව තුළ වෙසෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වී තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් අදාළ පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

Exit mobile version