මහින්දලාගේ පන්තියේ උවමනාවට අනුව මහින්දලා වැඩ කරනවා

Share

අධ්‍යාපනය රජය විසින් පාලනය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ අදහස් පළ කර තිබුණේ, ඊයේ කොළඹදී පැවති ජාතික ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ 15 වැනි නියෝජිත මහා සමුළුවට සහභාගී වෙමින්.

“දැන් රනිල්ලාගේ පන්තියේ උවමනාවට අනුව රනිල්ලා වැඩ කරනවා, මහින්දලාගේ පන්තියේ උවමනාවට අනුව මහින්දලා වැඩ කරනවා. අපේ පන්තියේ උවමනාවට අනුව අපි කියනවා නෑ ඒක එහෙම හරියන්නේ නෑ, අධ්‍යාපනය තියෙන්න ඕනේ, රජය සතුව. මම මේ කියන්න යන්නේ ඔය රනිල්ලා පිලිගන්න, මහින්දලා පිලිගන්න, ඔය කියන ආර්ථික ක්‍රමයේ ආරම්භයේදීම මේ නිදහස කියන එක, රජයේ කාර්යය භාරයේදී පිලිගත යුතුයි කියලා එකඟතාවයකට ආපු අතශවශ්‍ය කාරණා 2ක් තියනවා. එක රජයේ කාර්ය භාරය, අර පුද්ගලික දේපළ රැස් කරන්නත්, ඒවා තමන්ට කැමති පරිදි පරිහරණය කරන්නත්, දේපළවල හා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්නත්, රජය බැදී සිටී. අපි දැන් මෙතන ඉන්න සහෝදරවරුන්ගෙන් ඇහුවොත්, රජය සමත්ද කියලා, මොකද්ද අපිට තියන උත්තරේ, අසමත්. යන්න ඕනා නේද මේගොල්ලො මේ පාලකයන් යන්න එපැයි. යයිද? යන්නේ නෑ ඉතින් යවන්න ඕනේ.” 

Read more

Local News