ජාතික හෙළ උරුමයෙන් නිවේදනයක්

ඇමති රිෂාඞ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, සහ අසාත් සාලි යන මහත්වරුන් එම ධූරයන්ගෙන් ඉවත් කළ යුතු බවට රට තුළ දැඩි ජනමතයක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වහා පියවරක් නොගතහොත් රටපුරා විරෝධතා මතුවී සාමකාමීබව බිඳවැටීමට ඉඩ ඇතැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ත‍්‍රස්තවාදයේ සහායකයන් හා අනුග‍්‍රාහකයන්ට එරෙහිව තනිව නොව සාමූහිකව ක‍්‍රියා කරන්නැයි ජාතික හෙළ උරුමයේ හිටපු සභාපතිවරයෙක් වන අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ජාතික හෙළ උරුමයේ මහලේකම්, ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ සහ එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

Exit mobile version