අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන මහනුවර දළඳා මාළිඟා පරිශ්‍රය වෙත පැමිණ ඇත.
දේශපාලන ගමනේ ප්රමුඛ සටන් සඟයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සහ උන් වහන්සේගේ අධිෂ්ඨානය ජය ගැනීම උදෙසා ශක්තියක් වීම සඳහා මෙලෙස පැමිණි බව අමාත්‍යවරයා පවසයි.
උන් වහන්සේ බැහැදැකීමට ප්‍රථම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) දවසේ අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය පැවැත්වීමට හේතු වී ඇති කරුණ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර ඇත.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, මේ අවස්ථාවේදී රතන ස්වාමීන්වහන්සේගේ සහ පොදුවේ සමස්ථ රටේම ඉල්ලීම ඉටු කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් අද දිනය තුළ අපේක්ෂා කරන බවද ඇමති චම්පික පෙන්වා දෙයි.






