පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටිය වහාම දැනුම් දෙන්න

පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටිය වහාම දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට නිතීඥ කණ්ඩායමකට ඊයේ (23) උපදෙස් දුන්නේය.

පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යා නීර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බලාත්මක කිරීම ලබන 4 දා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය දුන් තහනම් නියෝගය පිළිබඳව සැලවීමත් සමගම අග්‍රාමාත්‍යවරයා නීතීඥ කණ්ඩායමට ඉහත දැනුම් දීම සිදු කළේය. ලබන වසරේ නිදහස් දිනයට පෙර කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන ලෙසට නිතී උපදෙස් අපේක්ෂා කරන බව අගමැති වික්‍රමසිංහ මහතා නීතීඥ කණ්ඩායමට නවදිල්ලි නුවර සිට දුන් උපදෙස්වල සඳහන් වේ.

Exit mobile version