මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස්වීම තුලින් විමර්ශනවලට සුදුසු පරිසරයක් නිර්මාණය වුණා

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම හරහා චෝදනා ඇති පුද්ගලයන් පිළිබඳ විමර්ශනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (03) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම මුස්ලිම් අමාත්‍යවරු සිය ධුර වලින් ඉවත්වීම සම්බන්ධයෙන්  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද මෙහිදී අදහස් පළ කළේය.

Exit mobile version