අලුගෝසු තනතුරට 26ක් සුදුසුකම් ලබයි – සම්මුඛ පරික්ෂණයට උපාධිධාරියෙකුත්

Share

අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් 26 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පැවසුවේ සුදුසුකම් ලැබූ එම පුද්ගලයින් සඳහා ලබන 11 වන දා සිට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිත බවයි.

එම ප්‍රායෝගික පුහුණුවෙන් අනතුරුව අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු බඳවා ගැනීමට නියමිතව බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කිරීමත් සමග අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්විණ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, එම තනතුර සඳහා අයදුම්පත් 79 ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් සම්මුඛ පරීක්ෂණ සඳහා පුද්ගලයින් 34 දෙනෙකු කැඳවා තිබූ බවයි.

අදාළ සම්මුඛ පරික්ෂණ සඳහා උපාධිධාරියෙකු ද පැමිණ සිටියේ ය.

Read more

Local News