රත්නපුරයට දෙස් විදෙස් සංචාරක කලාපයක්

පසුගියදා පළාත් ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේ පැවති විශේෂ රැස්වීමකට එක්වෙමින් පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පැවසුවේ රත්නපුර නව නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරක කලාපයක් ස්ථාපිත කරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව ආණ්ඩුකාරවරයා පැවසූයේ රත්නුපුර නව නගරය වන රක්ෂීතයකින් සමන්විත සුන්දර පරිසරයක් පවතින බවයි. එමෙන්ම එම නගරය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයින් සඳහා අවශ්‍ය සංචාරක නිකේතන, අවන්හල් මෙන්ම සෙසු පහසුකම්වලින් සමන්විත බවය.
රත්නපුර නවනගරය ආශ්‍රිතව පවතින තාවකාලික වෙළඳ කුටි සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ සබරගමුව පළාත් සභාව එක්ව අංග සම්පූර්ණ මහල් වෙළඳ සංකීර්ණයක් ඉදි කෙරෙන බව මාර්ෂල් පෙරේරා මහතා මෙහිදී පැවසීය.
එමෙන්ම පතල් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ද රත්නපුර නව නගරය ආශ්‍රිතව ඉදිකරන බවත්, ඒ යටතේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන හා අලෙවි කුටි ද මේ යටතේ ඉදිකිරීමට කටයුතු කරන බව සබරගමුව ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.
Exit mobile version