ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ප්රමුඛ නියෝජිත ස්වාමීන් වහන්සේලාගේ විශේෂ හමුව මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, අස්ගිරි මහ විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී ය.
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මධස්සි හිමියන් පැවසුවේ, රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි.
අද පස්වරුවේ පැවැත්වෙන හමුවේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ද උන්වහන්සේ ප්‍රකාශ කළේ ය.



