වැලිකන්ද පාසලක් අසල අත්බෝම්බ ‌2ක් හමුවෙයි

පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ  පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් ඊයේ  (06) දින සොයා ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.

එම ස්ථානය යුද හමුදාව විසින් යුද සමයේ පවත්වාගෙන ගිය මුරපොළක් බව පොලීසිය සඳහන් කරයි.

විදේශ රටක නිෂ්පාදනය කරන ලද මෙම බෝම්බ හමුවී ඇත්තේ එම ඉඩමේ තිබූ කොළ රොඩු ගොඩක් ගිනි තැබීමෙනේ පසුව බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බෝම්බ දෙක නිෂ්ක්‍රීය කර පුපුරුවා හැරීමට කටයුතු කළේය.

Exit mobile version