සාරිය සහ ඔසරිය ඇදීම අනිවාර්ය කිරිම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක්

රාජ්‍ය අංශයේ නිළධාරින්ට සාරිය සහ ඔසරිය පමණක් ඇද රාජකාරියට පැමිණෙන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ විවිධ ජනවර්ග අනුව කාන්තාවන් අඳින ඇදුම්වල වෙනස්කම් පවතින බැවින් සාරිය සහ ඔසරිය ඇදීම අනිවාර්ය කිරිම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් බවයි.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාව වෙත විවිධ පාර්ශව විසින් පැමිණිලි ඉදිරිපත් වී ඇති බව සඳහන් වෙයි.

එම නිසා ඉදිරිපත් කර ඇති එම චක්‍රලේඛය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන ලෙස එම කොමිසම දැනුම්දී තිබේ.

Exit mobile version