ප්‍රහාර පිළිබඳව සොයපු විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපතිට

2019 අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද(10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනපති වෙත බාර දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පසුගිය අප්‍රේල් 22 වනදා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කළේය.

අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

Exit mobile version