පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාද ?

Share

එළැඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඝෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ(11) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

ඉදිරි මැතිවරණ  පිළිබදව සාකච්ඡා කිරිම සඳහා ඊයේ පස්වරුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ ලේකම්වරුන් මෙන්ම පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවිය.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ දි.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරුන් කියා සිටියේ ජනාධිපතිවරණය නම් කර ඇති බවත්, ඒ අතර පළාත් සභා මැතිවරණය ගැන ද කථා කරන බැවින් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස රජයට බර කිරිමට අවශ්‍ය බව කොමසාරිස්වරයා මෙහිදී පැවසු බවයි.

මෙහිදී අදහස් දැක්වු මහින්ද අමරවීර මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ ගැන තීරණයක් ගත යුතු බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරණයක් ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවයි.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ, මැතිවරණ කොමිසම් සභාව මිට පෙරත් මැතිවරණයක් පවත්වන බවට පොරොන්දුවක් ලබා දුන් බවයි.

ජනාධිපතිවරණය පවත්වයි කියා සිතිය හැකි බවත්, බොහෝ වෙලාවට සුදුසු අපේක්ෂකයෙක් අවශ්‍ය වේලාවේදී පැමිණෙයි යනුවෙන් ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

පොදු අපේක්ෂකයා ලෙස ඇතැම් විටෙක ගෝඨාභය රාජපක්ෂ මහතා පත්විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News