සෞඛ්‍ය ඇමතිට එරෙහිව අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක්

Share

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ ඊට මහජන අත්සන් ලබාගැනීමේ පළමු අදියර කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට නියමිත බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරිමට ද කටයුතු කරන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.

Read more

Local News