නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි – ඡායාරූප

Share

මධ්‍යම කඳුකරයට අද(20) උදෑසන ඇදහැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වී ඇත.

නාවලපිටිය නගරයේ බස්නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මීටර් 500ක් පමණ මෙසේ  වැසි ජලයෙන් යට වී ඇත.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇත.

සුළු වර්ෂාවකදී පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට වීම හේතුවෙන් එම නගරයට පිවිසෙන ජනතාවට අපහසුතාවයට පත්ව තිබේ.

Read more

Local News