රට වෙනුවෙන් ඉදිරිපත් වන නායකයෙකුට ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට සූදානම් – තිස්ස

Share

පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන නායකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සඳහා නව අපේක්ෂකයෙකු අවශ්‍ය බවට පක්ෂ අභ්‍යන්තරය තුළ ලොකු හඬක් පවතින බව ඒ මහතා පන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ හලාවත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට රටට අවශ්‍ය වන්නේ රටට ආදරයක් ඇති නායකයෙකු බවත්, තාමට ජනාධිපති අපේක්ෂකයෙකු වීම සඳහා හොඳට සුදුසුකම් සපුරා ඇති බවත් පැවසීය.

Read more

Local News