වැලිකන්දේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 06ක් වෙයි

පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැඳවමින් පොලොන්නරුව – මඩකලපුව මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී ඊයේ(19) අළුයම සිදු වූ රිය අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටි තවත් අයෙකු මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වසන්ත කුමාර නැමැති වයස අවුරුදු 45ක් වු බෝවත්ත වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි හිටපු සිවිල් ආරක්ෂක භටයෙකි.

මිය ගිය පුද්ගලයා ඊයේ අනතුරින් මියගිය අනෝමා කුමාරි නැමැති අයගේ සැමියා වන බවට ද වාර්තා වෙයි.

මනම්පිටිය දෙස සිට වැලිකන්ද දෙසට ධාවනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක කාත්තන්කුඩිය බලා ධාවනය කළ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

Exit mobile version