මාතලේ ප්‍රදේශ රැසකට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

Share

මාතලේ මහ නගර සභා සීමාව ඇතුළු ප්‍රදේශ රැසකට අනිද්දා (23) පෙරවරු 8.00 සිට පස්වරු 4. 00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාලසීමාව තුළ කුඹියන්ගොඩ පාර, වරකාමුර පාර, ඒ 9 පාර, පළාපත්වල ජලාශයෙන් ආවරණ වන පළාපත්වල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඉහළ හරස්ගම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති.

විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුතු සහ මාතලේ ජල මුලාශ්‍රයේ නවීකරණ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

Read more

Local News