දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි

Share

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය ධාවනය කිරීමට හැකියාව නොලැබුණු බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

නමුත් ප්‍රධාන දුම්රිය ගමන්වාර නියමිත වේලාවට ආරම්භ කිරීම සඳහා පියවර ගෙන ඇත.

අද පස්වරුව වන විට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක නිරත වුණි.

Read more

Local News