හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ විමර්ශනයක්

Share

පසුගිය පාස්කු ප්‍රහාරය වලක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

අද (24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

විශේෂ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් නීතිපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි උපදෙස් දී ඇත.

Read more

Local News