මුදල් ගසා කෑම හැර වෙනත් රටේ කිසිදු සංවර්ධනයක් වත්මන් රජය විසින් සිදු නොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ තම පාලන සමයේ දී මුළු රටම වැඩ බිමක් බවට පත්ව තිබු බවයි.
උණවටුන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.
පොදු ජන පෙරමුණ ඔනෑම මැතිවරණයකට සුදානම් බවත් ජනාධිපගි අපෙක්ෂකයා සම්බන්දයෙන් කිසිදු ගැටළුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැති බවත් විපක්ෂ නායකවරයා පවසයි.
එමෙන්ම සංවේදි අපේක්ෂයෙක් මැතිවරණය ඉදිරිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එහිද මාධ්‍යවේදින් නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ 18-19 ව්‍යවස්ථා සංශෝධ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්ව සිදු වු බවයි.



