බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සකස් කළ වාර්තාව අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේ, සකස් කළ වාර්තාවට අනුව ලබා දී ඇති නිර්දේශ මත ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවයි.
ඒ අනුව, බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සකස් කළ වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, මේ වන විට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළ බව, කමිටු සභාපති මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.



