ත්‍රස්තවාදයට ලොව සිටින විශාලතම අනුග්‍රාහකයා ඉරානය

මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයො එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ඇත.

ඔහු අබුඩාබි නගරයේදී එරට කිරුළ හිමි මොහොමඩ් බින් සායද් අල් නහ්යන් කුමරු හමු විය.

එමීර් රාජ්‍යයට පැමිණීමට පෙර මයික් පොම්පෙයෝ සෞදි අරාබියේද සංචාරයක නිරත විය.

එහිදී ඔහු එරට සල්මාන් රජු හමුවී සාකච්ඡා සිදුකර තිබේ.

ඉරාන අර්බුදයත් සමග කලාපයේ උද්ගත වී ඇති වාතාවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මයික් පොම්පෙයෝගේ මැදපෙරදිග සංචාරයේ අරමුණයි.

එමෙන්ම ඉරානයට එරෙහිව ගෝලීය සන්ධානයක් ගොඩනැගීමට තමාට අවශ්‍ය බවද පොම්පොයෝ පවසා තිබුණි.

ත්‍රස්තවාදයට ලොව සිටින විශාලතම අනුග්‍රාහකයා ඉරානය බවද රාජ්‍ය ලේකම්වරයා පවසා ඇතැයි සඳහන්.

කෙසේ නමුත් ඔහු සෞදි රජු හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සාකච්ඡා කර නැත.

Exit mobile version