දකුණු කොරියාවෙන් ජනපතිව ඉතා හරසරින් යුතුව පිළිගනී

දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනයකට අනුව තුන් දින නිල සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ සෝල් අගනුවර Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා හරසරින් යුතුව පිළිගෙන ඇත.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Cho Hyun සහ ජාතික ආරක්ෂක ප්‍රධානී Chung Eyi-yong මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ අමාත්‍ය දයා ගමගේ මහත්වරුන් ඊයේ (27) දකුණු කොරියාවට පැමිණ ඇති අතර එම අමාත්‍යවරු දෙදෙනා සමග ශ්‍රී ලංකා මහකොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ද දකුණු කොරියාවට ලඟාවී ඇති අතර අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඉදිරියේ දී මෙම සංචාරය සඳහා එක්වීමට නියමිතව ඇත.
Exit mobile version