කොල්ලුපිටියේ දී චීන ජාතිකයින් 2ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකින් ඊයේ(30) දින සවස චීන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ණය කාඩ්පත්(Credit card) මුද්‍රණය කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක්, මුද්‍රණය කිරිමට භාවිතා කරන හිස් කාඩ්පත් 5ක් හා ලැප්ටොප් පරිගණකයක් සමඟ චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හා දේපල වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතයි.

Exit mobile version